ජීවනෝපාය සංවර්ධනයට හා කාන්තා ව්‍යවසායකත්වය වෙනුවෙන් උනන්දුවක් දක්වන තරුණියන් දිරි ගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හදුන්වා දෙන බව දරිද්‍රතාව තුරන්කිරීම සදහා වන කමිටුවේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව පුහුණු නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන්කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ගම සමඟ පිළිසදරක් තුළින් වැඩ සමඟ යළි ගමට මෙවර අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට අදාළව ගමේ තරුණ තරුණියන්ගේ හෙට දවස හදන වගකීම තියෙන්නේ මේ නිලධාරීන් සතුව බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදි කියා සිටියේ.
තරුණ තරුණියන් වෙනුවෙන් නව ජීවනෝපාය මාර්ග හදුන්වාදීම සම්බන්ධයෙන් මෙහිදී යෝජනා ඉදිරිපත් කෙරුණා.
The post වැඩ සමඟ යළි ගමට: තරුණ තරුණියන් වෙනුවෙන් නව ජීවනෝපාය මාර්ග appeared first on ITN News.
Post a Comment