2002 වසරේ බාලි දූපතේ සිදුකළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ පෙරළිකාර පූජකවරයෙකු නිදහස් කිරීමට ඉන්දුනීසියාව ක්‍රියා කළා.
අබු බකර් බෂීර් නමැති මෙම පූජකවරයා අද (08) උදෑසන ජකර්තා නුවරට ආසන්න බන්ධනාගාරයකදී නිදහස් කෙරුණා. අල්කයිඩා ත්‍රස්ත සංවිධානය වැනි ත්‍රස්ත කටයුතුවල නිරත වූ ජෙමා ඉස්ලාමියා නම් ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානියා ලෙසයි මොහු සැළකෙන්නේ.
මේ වනවිට ඔහු අසූ දෙවන වියේ පසුවනවා. බන්ධනාගාර බලධාරීන් පවසන්නේ ඔහු පුනරුත්ථාපන වැඩසටහනකට යොමුකරන බවයි.
2002 වසරේ ඔක්තෝබර් මස 12 වන දින සිදුකළ බෝම්බ ප්‍රහාරයෙන් ජාතීන් 21 කට අයත් සංචාරකයින් ඇතුළු විශාල පිරිසක් තුවාල ලැබුවා. මෙය ඉන්දුනීසියා ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැළකෙනවා.
The post බාලි ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ පූජකයාට නිදහස appeared first on ITN News.
Post a Comment