කොරෝනා වයිරසයේ නව ප්‍රබේදය යුරෝපා කලාපයේ රටවල් 22 ක් පුරා පැතිරගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපය පිළිබද අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූග් පවසන්නේ යුරෝපා කලාපයේ රටවල් කිහිපයක් වයිරසයට එරෙහි එන්නත්කරන ක්‍රියාවලිය ආරම්භකර තිබියදී නව වයිරස් ප්‍රබේදය වේගයෙන් පැතිරයාමත් සමග ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.
යුරෝප හැරුණුවිට නව වයිරස් ප්‍රබේදය ඇමෙරිකාව, අප්‍රිකාව, සිංගප්පූරුව, ඉන්දියාව සහ මැදපෙරදිග රටවල් කිහිපයකටම පැතිරගොස් තිබෙනවා.
කොරෝනා වයිරසය මර්දනය සදහා වූ එන්නත මගින් ප්‍රතිශක්තිකරණය ලබාදෙන කාලසීමාව පිළිබදව ද ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව වෛද්‍ය ක්ලූග් පෙන්වා දෙනවා.
The post කොරෝනා වයිරසයේ නව ප්‍රබේදය යුරෝපාය පුරා පැතිරයයි appeared first on ITN News.
Post a Comment