Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා – දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරය දයාසිරි ජයසේකරට  

Add comments

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා – දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස ඒකමතිකව තේරී පත්ව තිබේ.

එහි ලේකම් ධූරය සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද පත්වී ඇත්තේ ඒකමතිකවය. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියාවසම්,. ඒ. අරවින්ද් කුමාර් සහ සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් එම සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් කොට තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල සහ ජේ. සී. අලවතුවල යන මහත්වරු මෙම සංගමයේ පිළිවෙලින් සහකාර ලේකම් සහ භාණ්ඩාගාරික ලෙස පත් කෙරිනි.

මෙම පත්වීම් සිදු කරන ලද්දේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (07) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා – දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදීයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සහ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.

අගමැති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති වුන්ජින් ජියොන්ග් යන මහත්වරුන් මෙම සංගමයේ අනුශාසකවරුන් ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා – දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ විධායක සභිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්,මහින්ද අමරවීර, එරාන් වික්‍රමරත්න, ගුණතිලක රාජපක්ෂ,කේ. කාදර් මාස්තාන්,ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන්, මහාචාර්ය රංජිත් බන්ඩාර, නිමල් පියතිස්ස, රෝහණ බණ්ඩාර, කිංස් නෙල්සන්, මායාදුන්නෙ චින්තක අමල්, සම්පත් අතුකෝරල, මධුර විතානගේ, එම්. ඩබ්ලිව්. සහන් ප්‍රදීප් විතාන, යදාමිනි ගුණවර්ධන, මේජර් සුදර්ශන දෙනිපිටිය, කරුණාදාස කොඩිතුවක්කු, ඉෂාක් රහුමාන්, අලි සබ්රි රහීම්, සෆියුල් මුතුනාබීන් මොහොමඩ් මුෂාරෆ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුලා දිසානායක යන මත්ම මහත්මීන් පත්වී තිබේ

The post ශ්‍රී ලංකා – දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරය දයාසිරි ජයසේකරට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG