මුහුද රළු වන බැවින් ධීවර සහ නාවික කටයුතුවලදී අවදානයෙන් සිටින ලෙස කාලගුණ අංශ දැනුම් දෙනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇදහැලෙමින් තිබෙන අධික වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. කළුතාවල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග ජල ගැල්මෙන් යට වී ඇති බැවින් ගමනාගමනය අඩාල වී ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළා. තෙත්තාතිව් මාන්කාඩු ආදී ප්‍රදේශයද ජල ගැල්මෙන් බලපෑමට ලක් වුණා. මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා කාණු පද්ධතිය අවහිරවීමෙන් ජල ගැලීම් වැඩි වශයෙන් ඇති වී තිබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
මේ අතර පුත්තලම මදුරන්කුළිය කන්දතෝඩුවාව ප්‍රදේශයටද දැඩි වර්ෂාවෙන් බලපෑම් එල්ල වුණා. ඒ හේතුවෙන් ධීවරයන්ගේ කටයුතුවලට බලපෑම් එල්ල වී තිබෙනවා. කන්දතුඩුවාව ගම්මානයේ සිට ධීවර තොටුපොළ දෙකක් යා කෙරෙමින් ඉදිකර ඇති මාර්ගයද දැඩි අබලන් තත්ත්වයට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
The post ධීවර සහ නාවික කටයුතුවලදී අවදානයෙන් සිටින ලෙස කාලගුණයෙන් දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment