ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැන වූ සම්බාධකවලට එරෙහිව නව නීති මාලාවක් සම්මත කර ගැනීමට චීනය කටයුතු කර තිබෙනවා.
ඇමෙරිකා සම්බාධකවලට අනුකූලතාව දක්වන සමාගම්වලට දඩුවම් පැමිණවීමට මෙම නීතිය යටතේ ඉඩ සැලසෙනවා. ඒ අනුව අධිකරණ බලයද ඒ සදහා හිමිවන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය පාදක කරගත් ප්‍රධාන පෙළේ ජංගම දුරකතන යෙදවුම් අටක් පමණ තහනම් කිරීමටද නීතියක් ගෙන ආවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ මෙම යෙදවුම මගින් ලබා ගන්නා තොරතුරු චීන රජය සිය උයාමාර්ගික අවශ්‍යතා සදහා භාවිත කරන බවයි. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන චීන රජය ඇමෙරිකා ප්‍රතිපත්තිය සමග එකග වන සියලු සමාගම්වලට එරෙහිව නීතියෙන් කටයුතු කරන බව නිවේදනය කළා.
The post ට්‍රම්ප් පැන වූ සම්බාධකවලට එරෙහිව චීනයෙන් නව නීති මාලාවක් appeared first on ITN News.
Post a Comment