බුත්තල කුරම්පොල සහ හලාවත පනිරෙන්ඩාව යපස් නිධියේ කැණීම් සදහා පරිසර හා කර්මාන්ත යන අමාත්‍යාංශවල එකගත්වය පළවුණා.
රටේ පවත්නා ඛණිජ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් රටට ආදායම් ගෙන ඒමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් විමල් වීරවංශ, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම යපස් නිධි දෙක කර්මාන්ත අමාත්‍යාංශයට භාරදීම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. කුරම්පොල යපස් නිධිය වර්ග කිලෝමීටර් විසිහයක් පුරා පවතිනවා. අවම වශයෙන් යකඩ මෙට්‍රික් ටොන් මිලියන 86 ක් මෙයින් ලබාගත හැකි බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනුම් දුන්නේ. මේ අතර රජයේ කාර්යාලවලින් ඉවතලන හිස් කාබන් පෑන් සහ දත් බුරුසු නිසි පරිදි බැහැර කිරීමට සකස් කළ කන්ටේනරයක් ද පරිසර අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යවරයා වෙත භාරදුන්නා.
The post බුත්තල සහ හලාවත යපස් නිධි කැණීම සඳහා පරිසර හා කර්මාන්ත යන අමාත්‍යාංශවල එකඟත්වය appeared first on ITN News.
Post a Comment