උතුරු කොරියා නායක කිම් ජොන් උන් කම්කරු පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තනතුර භාරගෙන තිබෙනවා.
කිම් ජොන් උන්ගේ පියා හා සීයා ද මෙම තනතුර හොබවා තිබෙනවා. නව තනතුර සමග කිම් ජොන් උන්ගේ බලය තවත් වර්ධනය වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ. කම්කරු පක්‍ෂයේ විශේෂ සමුළුවකදී කිම් ජොන් උන්ගේ නම නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ඊයේ සම්මත කරගෙන තිබෙනවා. කිම් ජොන් උන් මේ වන විට 37 හැවිරිදි වියේ පසුවනවා. ඔහු උතුරු කොරියාවේ බලයට පත්වූයේ 2011 වසරේදීයි. ඒ පියාගේ හදිසි මරණයත් සමගයි. ඉහළ පෙළේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකුටම මරණ දණ්ඩනය ලබා දීම නිසා කිම් ජොන් උන් විශාල කතාබහකට ලක්වුණා.
The post කිම් ජොන් උන් කම්කරු පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තනතුර භාර ගනී appeared first on ITN News.
Post a Comment