පරිසරයට හානි කළහොත් තරාතිරම නොබලා අකුරටම නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මුතුරාජවෙල පරිසරය ආරක්ෂා කිරීමට ද කැපවන බවයි අමාත්‍යවරයා කියාසිටින්නේ.
උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි ලලිත් සේනානායක වෙරළේ එකතුවු ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් නිර්මාණය කළ ඇතෙකුගේ රූපයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. විවේකී අවස්ථාවලදී මුහුදට පැමිණ සිය පවුලේ සාමාජිකයින් සමඟ එක්රැස් කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් මෙම නිර්මාණය සිදුකර තිබෙනවා. වෙරළ අපවිත්‍ර නොකරන්න යන පණිවුඩය ලබාදීම සඳහා තමන් මෙම නිර්මාණය සිදුකළ බව නිර්මාණකරු අමාත්‍යවරයා සමඟ ප්‍රකාශ කළා.

The post පරිසරයට හානි කළොත් තරාතිරම නොබලා නීතිය අකුරටම appeared first on ITN News.
Post a Comment