අබලන්ව පවතින ඉරණවිල මෝය හරහා පාලම රුපියල් ලක්ෂ 600ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
හලාවත, වෙන්නප්පුව, මුහුදුබඩ මාර්ගයේ ඉරණවිල මෝය හරහා මෙම පාලම ඉදි කර ඇත්තේ වසර 35 කට පමණ පෙරයි. එය ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර ආරක්ෂිත වැටද කැඩී ගොස් තිබෙනවා පාලම ස්ථාන කිහිපයකින් පුපුරා යාම නිසා වාහන ගමනාගමනය ද සීමා කෙරෙනවා.
කෙසේ වුවද මෙම පාලම ප්‍රතිසංස්කරණය කිරිමට රජය පියවර ගත්තේ ප්‍රදේශයේ බොහෝ පිරිසකට ඇති දුෂ්කරතා අවබෝධකර ගැනීමෙන් අනතුරුවයි.
එම කටයුතු සිදු කෙරෙන ආකාරය සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත මහතා කටයුතු කළා.
The post ඉරණවිල මෝය හරහා පාලම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment