Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලය යළි වසා දමයි  

Add comments

ශීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ ඊශ්‍රායලය නැවතත් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඊශ්‍රායලය සති දෙකක කාලයක් නැවතත් වසා දැමීමට කටයුතු කළ බවයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළේ. දිනක් තුළදී ඊශ්‍රායලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව අටදහස ඉක්මවා ඇති බව වාර්තා වනවා.

මිලියන නවයක පමණ ජනතාවක් වාසය කරන ඊශ්‍රායලයේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය ද මේ වනවිට ක්‍රියාත්මක  වනවා.

එන්නත් ක්‍රියාවලිය ආරම්භ කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මුල්ම එන්නත ලබා ගන්නා ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊශ්‍රායලය ලොව එන්නත් ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කරන රටක් ලෙස ද සැලකෙනවා.

 

 

 

The post ඊශ්‍රායලය යළි වසා දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG