Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆයිසර් එන්නත ලෝකයට බෙදන්න WHO අනුමැතිය  

Add comments

කොරෝනා වයිරස් ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත හදිසි භාවිතය සදහා අනුමත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළා.

කොරෝනා වයිරස් ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ලෝකයට සාධාරණ ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත හදිසි භාවිතය සදහා අනුමත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. එම එන්නත සංවර්ධනය වෙමින් පවත්නා රටවල්  වෙතද ලබාදිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් අවධාරණය කරන්නේ. ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකක් ලබා දීමෙන් ප්‍රතිඵල අත්කර ගත හැකි ආකාරය පිළිබදව ලොව සියලු ජනතාව දැනුවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එක් වන බව එහි ප්‍රකාශකවරයා සදහන් කරනවා.

මේ අතර චීනය සිය රට තුළ නිෂ්පාදනය කළ සියයට 79 ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ සිනෝවැක් එන්නත ද භාවිතයට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

The post ෆයිසර් එන්නත ලෝකයට බෙදන්න WHO අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG