ඉන්දියාවේ පසුගිය පැය 24ක කාලය තුළ අලුතින් කොවිඩ් ආසාදිතයන් 13,742නෙකු වාර්තා වී තිබෙනවා.
පුද්ගලයන් 144 දෙනෙකු කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. ඉන්දියාවේ කේරල, චතිශ්ගාර් , මධ්‍ය ප්‍රදේශ් , මහාරාෂ්ට්‍ර සහ පන්ජාබ් යන ප්‍රාන්තවලින් පැමිණෙන පුද්ගලයන් කොරෝනා නොමැති බවට සහතිකයක් රැගෙන පැමිණීම අනිවර්ය කිරීමට දිල්ලි බලධාරීන් කටයුතු කර තිබෙනවා.කොවිඩ් වසංගතය නිසා වසා දැමුණු තෙලන්ගානා ප්‍රාන්තයේ පාසල් අද සිට ආරම්භ කිරීමට ද කටයුතු කෙරුණා. ඒ අනුව 6 ශ්‍රේණිය සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති මුලින්ම ආරම්භ කෙරෙනු ඇති. තෙලන්ගනාහි පාසල් ආරම්භ කෙරුණේ මාස 10 කට පසුවයි.
The post පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 13,742ක් appeared first on ITN News.
Post a Comment