පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදි කෙරෙන නව මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීම සදහා සේවක පියස නමින් සියලු පහසුකම්වලින් සමන්විත නව මධ්‍යස්ථානයක් ඉදිකෙරෙනවා.
සම්මන්ත්රණ ශාලාවට මුල්ගල තැබීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ල ජයන්තිපුර නෙළුම් මාවතේයි මෙම ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ආශ්‍රිතවයි. තෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානය සම්මන්ත්රණ ශාලාවක් ඇතුළු නවීන පහසුකම් රැසකින් සමන්විතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ සාමාජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදි කෙරෙන නව මධ්‍යස්ථානයට මුල්ගල තැබේ appeared first on ITN News.
Post a Comment