උඩවලව ඇත් අතුරු සෙවනට ඇතුළත් කළ ඇත්පැටවෙකු හදිසියේ මිය යාම සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් සිදු කරන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය එස් බී නාවින්න මහතා වනජීවී අධ්යක්ෂ ජෙනරාල් වෙත නියෝග කර තිබෙනවා.
හදිසි අනතුරකින් පාදය බිදී යාම හේතුවෙනුයි මෙම සත්වයා ඇත් අතුරු සෙවනට භාරදී ඇත්තේ. අනතුර සිදුවීමත් සමග ඇත් පැටවා ගැන ප්‍රදේශවාසීන් වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් ඒ බව පශු වෛද්‍යවරයාට දැනුම් දීම ප්‍රමාද කිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද වු බව හෙළිව තිබෙනවා. අප්‍රමාදව ප්‍රතිකාර කළේනම් ඇත් පැටවාගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබූ බවයි පශු වෛද්‍යවරුන් පවසන්නේ.
The post ඇත් අතුරු සෙවනට ඇතුළත් කළ ඇත්පැටවා මිය යාම ගැන වනජීවී ඇමති පරීක්ෂණයක් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment