කලවාන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැද්දාගල නැගෙනහිර සහ බටහිර යාකෙරෙන පාලමක් නොමැතිකමින් උණබට යොදාගෙන සකස් කළ අනාරක්ෂිත පහුරක් ගම්වැසියන් යොදා ගන්නා ආකාරය අපට දැක ගැනීමට ලැබුණා.
සිංහරාජ වනාන්තරය පාමුල ඇති මෙම ගම්මානයේ ජනතාව පාලමක් නොමැතිකමින් මුහුණපාන්නේ දැඩි දුෂ්කරතාවකටයි. මීට වසර 10 කට පමණ ඉහතදී මෙම ස්ථානයේ පාලමක් ඉදිකිරීමට රජය ආරම්භ කළ ද එම කටයුතු අතර මග නතර වී තිබෙනවා. පාසල් දරු දැරියන් මෙන්ම ගොවි ජනතාව සිය ගමනාගමන කටයුතුවලදී මෙම තත්ත්වය නිසා දැඩි පීඩාවකට පත් වනවා. තමන් වෙත පාලමක් හැකි ඉක්මනින් ඉදිකර දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
The post පාලමක් නොමැතිකමින් දුක් විඳින වැද්දාගල ගම්වැසියන් appeared first on ITN News.
Post a Comment