ලෝක තෙත් බිම් දිනය අදට යෙදී තිබෙනවා. තෙත් බිම් සුරැකීම සදහා එක්දහස් නවසිය හැත්තෑ එක වසරේ පෙබරවාරි දෙවනදා රැම්සා සම්මුතියට අත්සන් තැබීම සිහිපත් කරමිනුයි තෙත් බිම් දිනය සමරන්නේ.
බාදිය මට්ටමේ සිට මීටර හයට අඩු මුහුදු ප්‍රදේශ ද ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවත්නා මිරිදිය, කිවුල්දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යටවී ඇති ස්වාභාවික වගුරු බිම් තෙත් බිම් ලෙස හැදින්වෙනවා. විල්ලු, ජලාශ හා ජල මාර්ග මෙන්ම ඇල ඉඩම් ද තෙත් බිම්වලට අයත්. ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත් බිම් ලෙස බූන්දල අභය භූමිය, ආනවිලුන්දාව, මාදුගග, වාන්කැලේ අභය භූමිය, කුමන හා විල්පත්තු ජාතික වනෝද්‍යාන නම්කර තිබෙනවා. මෙරට තෙත් බිම් කාණ්ඩ තුනක් යටතේයි වර්ග කර ඇත්තේ. ඇළ දොළ, විල්ලු, මිරිදිය වගුරු හා වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත් බිම් ඉන් පළමු වැන්නයි. වැව්, කුඹුරු, ජලාශ ඇතුළත් කෘත්‍රිම තෙත් බිම් හා මෝය, කඩොලාන, කලපු, කොරල්පර, මුහුදු තෘණ බිම් ආදිය කරදිය තෙත් බිම් ලෙසයි සැලකෙන්නේ. ලොව පුරා තෙත් බිම් විනාශ වී යාමට මිනිස් ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් බලපාන බව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් සී සූරිය බණ්ඩාර මහතා පවසනවා.
The post ලෝක තෙත් බිම් දිනය අදයි appeared first on ITN News.
Post a Comment