මාර්තු පළමුවෙනිදා පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින, තවමත් ජාතික හැදුනුම්පත් ලබා නොගත් විභාග අපේක්ෂකයන් සදහා එම හැදුනුම්පත් නිකුත් කිරීම වෙනුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට දිනයේ විවෘතව තැබෙනවා.
එමෙන්ම ගාල්ල කුරුණෑගල, වවුනියාව හා මඩකලපු දිස්ත්‍රික්වල පිහිටි පළාත් කාර්යාල ද විවෘතව තැබෙන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
පෙරවරු 08.30 සිට පස්වරු 1.00 දක්වා අදාළ හැදුනුම්පත් ලබා ගැනීමට පහසුකම් සළසා දී තිබෙනවා.
The post සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment