Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති සහ පකිස්තාන අගමැති අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා ඇරඹේ  

Add comments

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

දිවයිනට පැමිණ සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවීමෙන් අනතුරුව කොළඹ දී වෙළෙද හා ආයෝජන සමුළුවකට එක්වීමට ද නියමිතයි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව ඊයේ පැවැත්වුණා. එම  සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර ගිවිසුම්  5කට ද අත්සන් තැබුණා. සංචාරක සහයෝගීතාව පිළිබද අවබෝධතා ගිවිසුමටයි මුලින්ම අත්සන් තැබුවේ. අනතුරුව අත්සන් තැබුවේ ශ්‍රී ලංකා,  පාකිස්තාන ආයෝජන මණ්ඩල  සහයෝගීතාව පිළිබද ගිවිසුමකටයි. ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය සහ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණා. කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් විශ්ව විද්‍යාලය අතර සහයෝගීතාව පිළිබද ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබුවා. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලය හා ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමටයි කටයුතු කළේ.

මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කතානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගන්වනු ලබන දිවා භෝජන සංග්‍රහයකට ද අද දිනයේදී එක්වීමට නියමිතයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නාවල කිරිමණ්ඩල මාවතේ ඉහළ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා මධ්‍යස්තානයක් විවෘත කිරීම පිළිබදව සාකච්ඡාවකට එක්වන්නේ ඉන් අනතුරුවයි. ඒ මහතා මෙරට ක්‍රීඩකයන්ද හමුවීමට නියමිතයි. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කර අද  පස්වරු 3.00ට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මේ අතර පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දුම් ෂා මෙහෙමුඩ් කුරේෂි මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි. දෙරට අතර වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවූ බවයි වාර්තා වන්නේ.

 

The post ජනපති සහ පකිස්තාන අගමැති අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG