Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්තානයේ බෞද්ධ උරුමයන් දැකගන්න අගමැති මහින්දට ආරාධනා කරමින් අගමැති ඉම්රාන් සිය රට බලා යයි  

Add comments

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් දිවයිනට පැමිණියේ ඊයේ පස්වරුවේයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සදහා පැමිණි ඒ මහතා කටුනායක ගුවන්තොටුපලේදී   උනුසුම් ලෙස පිලිගත්තා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව ඊයේ පැවැත්වුණා. එම  සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර ගිවිසුම්  5 කට ද අත්සන් තැබුණා. සංචාරක සහයෝගීතාව  සහ දෙරටේ ආයෝජන මණ්ඩල අතර සහයෝගීතාව පිළිබද ගිවිසුම් ඒ අතර වනවා. ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය සහ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණා. කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් විශ්ව විද්‍යාලය අතර සහයෝගීතාව පිළිබද ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබුවා. කොළඹ විශ්වවිද්‍යාලය හා ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්  ද  ඊට අයත්.

දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුයේ අද පෙරවරුවේයි. මෙහිදී  පැවති සාකච්ඡාව බෙහෙවින් ඵලදායී වූ බවයි පාකිස්ථාන නායකයා ප්‍රකාශ කළේ.දෙරටේ කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම් හුවමාරු කර ගැනීම පිලිබදවද අදහස් හුවමාරු කරගත්තා. දෙරට අතර වෙළදාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු වුණා. කෝවිඩ් මර්දනය සමග මෙරට සංචාරය සදහා පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ජනාධිපතිතුමා දෙරටේ සංචාරක ක්ෂේත්‍රෙය් උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද අදහස් දැක්වුවා. දෙරටේ තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකන් අවධානය යොමු කළා. දෙරටේ විදේශ අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙලේ නියෝජිතයන් පිරිසක් ද සාකච්ඡාවට එක්ව සිටියා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයට අදාළ වෙළද හා ආයෝජන සම්මන්ත්‍රණයක් කොළඹදී  පැවැත්වුණා. ඒ දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිළිගැන්වූ දිවා භෝජන සංග්‍රහයකට ද  එක්වුණා.

නාවල කිරිමණ්ඩල මාවතේ ඉහළ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා මධ්‍යස්තානයක් විවෘත කිරීම පිළිබදව සාකච්ඡාවකට  ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එක්වුණා.

ඉම්රාන් ඛාන් මහතා මෙරට ක්‍රීඩකයන්ද හමු වුණා.

මේ අතර පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දුම් ෂා මෙහෙමුද් කුරේෂි මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන වෙළද සබදතාවන්හි ශීඝ්‍ර වර්ධනයට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ පාකිස්ථාන වෙළද අමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර වෙළද අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයී. දෙරටේ අපනයන  සංවර්ධන මණ්ඩල හරහා මෙමවෙළද ගිවිසුම ඇතිකර ගැනීම අපේක්ෂාවයි. පාකිස්ථානයෙන් ආනයනය කරන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සදහා ණය සහන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පාකිස්ථාන වෙළද අමාත්‍යවරයා මෙහිදී එකගතාව පල කළා. තවත් ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළා.

මේ අතර ශ්‍රී ලංකා පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව  සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කෙරුණා. උප සභාපතිවරුන් ලෙස තේරී පත් වුණේ රවුෆ් හකීම්, අරවින්ද කුමාර් සහ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රීවරුන්. ලේකම් ධුරයට පත් වුයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයායි. මෙම පත් කිරිම් සිදු වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තුවේ පැවති පාකිස්ථාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව රැස්වීමේදීයී.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමවා පස්වරුවේ  දිවයිනෙන් පිටත්ව ගියා.

 

The post පකිස්තානයේ බෞද්ධ උරුමයන් දැකගන්න අගමැති මහින්දට ආරාධනා කරමින් අගමැති ඉම්රාන් සිය රට බලා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG