ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් පමණක් ලබාදීම මගින් කොරෝනා වයිරසය මර්දනය කිරීමට හැකියාව ලැබෙන බව හදුනාගෙන තිබෙනවා.
කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා ඇමෙරිකාවේ අනුමත කළ තුන්වන එන්නත බවට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා මර්දන එන්නත පත්ව තිබෙනවා. මෙම එන්නත ෆයිසර් සහ මොඩර්නා එන්නතට විකල්ප එන්නතක් ලෙස භාවිත කළ හැකි අතර එය සාමාන්‍ය ශීතකරනයක් තුළ ගබඩා කිරීමේ හැකියාවද පවතින බවයි සදහන් වන්නේ. මේ අතර කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලොව දිළිදු රටවලට බෙදාහරින කොරෝනා මර්දන එන්නත් තොගය මුලින්ම ගානාව වෙත ළගා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
The post ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රාවකින් කොරෝනා මර්දනය වන බව හෙළි වෙයි appeared first on ITN News.
Post a Comment