නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පැවති ජනහමුවක් අමතමින්. නව පක්ෂයක් ආරම්භ කිරීම තුළින් රිපබ්ලිකන් පක්ෂයට අයත් ඡන්ද දෙකඩවීමක් සිදුවන බැවින් කිසිවිටෙක එය සිදුවීමට ඉඩ නොතබන බව ට්‍රම්ප් පවසනවා. කෙසේ වුවද 2024 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මෙහිදී ඔහු ඉගියක් පළ කළ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ජනහමුව සදහා රිපබ්ලිකන් පක්ෂයේ ට්‍රම්ප් හිතවාදීන් රැසක් එක්ව සිටින ආකාරය දක්නට ලැබුණා. මේ අතර ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවමත් තහනම් වනවා.
The post නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට කිසිදු අදහසක් නොමැති බව ට්‍රම්ප් කියයි appeared first on ITN News.
Post a Comment