Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සයිනොෆාර්ම් මාත්‍රා ලක්ෂ 05 ක් චීනයෙන් නොමිලේ  

Add comments

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ශ්‍රී ලංකාවට ඉදිරියේදී පරිත්‍යාග කරන බව චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත දැනුම් දී තිබෙනවා.

අලුතින් පරිත්‍යාග කෙරෙන එන්නත් තොගය ලබන ඉරිදා වනවිට දිවයිනට ලගාවනු ඇති බවයි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සදහන් කළේ. චීන ජනාධිපතිවරයාගේ තීරණය මරෙට චීන තානාපති චී ජෙන් හොන් මහතා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙත දැනුම්දී තිබෙනවා. මීට අමතරව රජය මිලදී ගැනීමට ඇනවුම්කර ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා තිස් ලක්ෂය ද ඉදිරි සතියේදී මෙරටට ලැබෙනු ඇති බවයි ලලිත් වීරතුංග මහතා පැවසුවේ.

මේ වනවිට කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව 925,242 ක් ලබාදීමට සෞඛය අංශ සමත්වී තිබෙනවා. කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාවද 304,961 ක් ලබාදී අවසන්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 474,685 ක් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය පැවසුවේ. සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රා 2,435 ක් ලබාදී තිබෙනවා. ස්පුට්නික් වී එන්නතේ මාත්‍රා 14,934 ක් ද ලබාදී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

කළුතර දකුණ හා කළුතර උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලවලට අයත් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේ වෙත හා කළුතර බෝධි කාර්ය මණ්ඩලය වෙත සයිනොෆාම් එන්නත ලබාදීම කළුතර බෝධි පරිශ්‍රයේදී සිදුකෙරුණා. කළුතර කලමුල්ල ජනතාවට ද සයිනොෆාම් එන්නත් 600 ක් ලබාදීම කලමුල්ල දේවමාත්ත පල්ලි පරිශ්‍රයේදී සිදුවුණා.

රාගම තේවත්ත ග්‍රාම නිලධාරී වසමේ ජනතාව වෙත සයිනොෆාම් එන්නත් ලබාදීම රාගම මිහිදු දහම් පාසලේ දී සිදුකෙරුණා.

 

The post සයිනොෆාර්ම් මාත්‍රා ලක්ෂ 05 ක් චීනයෙන් නොමිලේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG