Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ රෝහලක ඔක්සිජන් ඇනහිටීමක් හේතුවෙන් කොරෝනා රෝගීන් 11ක් ජිවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ රෝහලක හදිසියේ සිදුවූ ඔක්සිජන් ඇනහිටීමක් හේතුවෙන් කොරෝනා රෝගීන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන  රෝහලක කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලැබූ දැඩි සත්කාර ඒකකයේ මෙම හදිසි ඔක්සිජන් සැපයුම ඇන හිටීම සිදුවුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සමග දැඩි ලෙස අසාද්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් 11 දෙනෙකු   මියගොස් ඇති බවයි.

ඔක්සිජන් සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සදහා විනාඩි 45 ක පමණ කාලයක් ගතවී තිබෙනවා. මෙම රෝහලේ කොරෝනා රෝගීන් දහසකට අධික පිරිසක් ප්‍රතිකාර ලබන අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 150කට අධිකයි.

 

 

 

 

The post ඉන්දියාවේ රෝහලක ඔක්සිජන් ඇනහිටීමක් හේතුවෙන් කොරෝනා රෝගීන් 11ක් ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG