සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (11) පැවසීය.
එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත මගින් එක් එක් පුද්ගලයන්ට රජය කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, වේලාව සහ එන්නත් වර්ගය මෙන්ම ඊට අදාළ තොරතුරු සහ දෙවැනි මාත්‍රාව ලබාගත යුතු දිනය, ස්ථානය, වේලාව ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු රැසක් නව තාක්ෂණය ඔස්සේ සමීප කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩු ක්‍රමයක් සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා ඇති අතර එය පළමු වතාවට ප්‍රායෝගික තලයට ගෙනඑමින් එන්නත්කරණයේ තොරතුරු ඇතුළත් නව ඩිජිටල් හැඳුනුම්පත හරහා තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතයෙන් එන්නත්කරණය සම්බන්ධයෙන් ඇතිවන දුෂ්කරතා මගහැරීමට අපේක්ෂිතය. එසේම ජනතා සේවා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා මීළඟ පරම්පරාවේ අපේක්ෂාව ඩිජිටල්කරණයයි.
The post කොවිඩ් එන්නත්කරණයට නව ඩිජිටල් හැඳුනුම්පතක් appeared first on ITN News.
Post a Comment