Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට නාවික හමුදාව එක්වේ  

Add comments

කොවිඩ් 19 ව්‍යාප්තියේ අවධානම මැඩපැවැත්වීම සඳහා රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට සහය වෙමින් නාවික හමුදාව අද ( 11) ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී(02) කොව්ඩ් 19 අවධානම හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් සපයන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙත “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව සිදු කෙරිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත්කරණය කිරීමේ වැඩ පිළිවෙල වේගවත් කිරීමේ වැඩසටහනට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල සහ ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩසටහන් සඳහා නාවික හමුදා වෛද්‍යරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් දෙකක් මෙලෙස යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සහ ජාඇල, ඒකල නිවාසීපුර ප්‍රදේශයේදී කොවිඩ් 19 අවදානම හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් සපයන වයස අවුරුදු 30ත් 60ත් අතර රජයේ සහ පෞද්ගලික අංශයන්ට අයත් සේවකයන් වෙත අද දින “සයිනොෆාම්” (Sinopharm) එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සිදු කෙරිණි.

තවද, කොව්ඩ් 19 පැතිරීමේ අවධානම මැඩපැවැත්වීමට සිදු කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා ඉදිරියටත් නාවික හමුදාවේ සහය සෞඛ්‍ය අංශ වෙත නිරන්තරයෙන් ලබාදීමට සූදානමින් සිටී.

The post කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට නාවික හමුදාව එක්වේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG