Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයත් පලස්තීනයත් දින 11 ක සටන් විරාමයක  

Add comments

දින 11 පුරා පැවැති ගැටුම් තාවකාලිව අත්හිටුවමින් සටන් විරාමයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය යන දෙපාර්ශවයේම එකගතාවයකට අනුවයි. මෙම සටන් විරාමයේ මැදිහත්කරුවා ලෙස ඊජිප්තුව පෙරමුණ ගෙන කටයුතු කරනවා. ඒ අනුව ඊජිප්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඊශ්‍රායලයට සහ ගාසා තීරයට පැමිණීමට නියමිතව තිබෙනවා.

අමෙරිකාව කටයුතු කරන්නේ සහය පාර්ශවයක් ලෙසින්. අද අලුයම 2 ට පමණ සටන් විරාමය ආරම්භ වූ අතර දින 11 ක් අඛණ්ඩව දෙපාර්ශවය එල්ල කර ගත් ප්‍රහාර මේ වන විට තාවකාලිකව නතර වී තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂ කැබිනට් මණ්ඩලය සදහන් කළේ මෙම සටන් විරාමය අන‌්‍යෝන්‍ය අවබෝධයෙන් යුත් කොන්දේසි විරහිත සටන් විරාමයක් බවයි. ගාසා තීරය පදනම් කර ගනිමින් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර අවස්ථා රැසක දී ගැටුම් හට ගැණුනා.

එහෙත් 2014 වසරෙන් පසුව පැවැති දරුණුතම ගැටුම්කාරී අවස්ථාව හටගත්තේ පසුගිය 10 වැනිදායි. එදින සිට ඊයේ දක්වා ඊශ්‍රායලය හමාස් සංවිධානය ඉලක්ක කර අඛණ්ඩව ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කළ අතර හමාස් සංවිධානය ද ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවා.  දෙපාර්ශවයේ ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 232 දෙනෙකු සහ ඊශ්‍රායලයේ 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දහසකට අධික පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර දෙපාර්ශවය අතර සටන් විරාමය සැමරීමට වීථිවලට එක්රැස්වූ පලස්තීනුවන් එය මහත් උද්යෝගයෙන් සමරනු ලැබුවා. ගැටුම් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියේ ගාසා තීරයේ සාමාන්‍ය වැසියන්. එබැවින් එම ජනතාවගේ ජීවිත තවදුරටත් ආරක්ෂා කර ගැනීම සදහා සටන් විරාමයකින් නොනැවතී ගාසා ගැටුම් නිමා කිරීමට අවධානය යොමු විය යුතු බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post ඊශ්‍රායලයත් පලස්තීනයත් දින 11 ක සටන් විරාමයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG