Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“ටවුටේ”සුළි කුණාටුව පැය 12 කින් තීව්‍රවෙයි – ඉන්දියාවේ ප්‍රාන්ත 5ක ගලවා ගැනීමේ කණ්ඩායම්  

Add comments

කේරළ, කර්ණාටක, තමිල්නාඩු, ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්ත පහක ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් 50 කට වැඩි සංඛ්‍යාවක් රාජකාරියේ යොදවා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පැය 12 ක් ඇතුළත “දරුණු සුළි කුණාටුවක්” දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති ටවුටේ සුළි කුණාටුව අඟහරුවාදා වන විට ගුජරාට් වෙරළට පැමිණිය හැකි බව ඉන්දීය කාලගුණ කාර්යාලය පවසයි. ගුජරාට් සහ ඩියූ වෙරළ තීරයන් සුළි සුළං නිරීක්ෂනය යටතේ පවතී.

කේරළ, කර්නාටක සහ ගෝවා යන වෙරළබඩ දිස්ත්‍රික්කවල ඉරිදා වන තුරුම “ගංවතුර හා නායයෑම්” ඇති වූ අතර අඟහරුවාදා සහ බදාදා ගුජරාටයේ සෞරාෂ්ට්‍ර, කච් යන නගරවල අධික වර්ෂාපතනයක් ඇතිවූ බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සිකුරාදා අධික වර්ෂාපතනයෙන් පීඩාවට පත් කේරළයේ කොචි හි පදිංචිකරුවන්ට ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තිබෙනවා.

අඟහරුවාදා වන තුරු අරාබි මුහුදට නොයන ලෙස ධීවරයින්ගෙන් ඉල්ලා සිටින අතර සංචාරක කටයුතු සීමා කර ඇති අතර රළු මුහුද අපේක්ෂාවෙන් නාවික මෙහෙයුම් සඳහා අවශ්‍ය පූර්ව දැනුම්දීම් ලබා දී තිබෙනවා.

The post “ටවුටේ”සුළි කුණාටුව පැය 12 කින් තීව්‍රවෙයි – ඉන්දියාවේ ප්‍රාන්ත 5ක ගලවා ගැනීමේ කණ්ඩායම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG