Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලක්‍ෂ 13කට කොරෝනා මර්දන එන්නත්  

Add comments

කෝවිඩ් නයින්ටීන් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ලක්‍ෂ 13 කට වැඩි පිරිසකට මේ වන විට එන්නත් ලබා දී තිබෙනවා. ඉදිරියේදීත් එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත නවලක්‍ෂවිසිපන්දහස් දෙසීය හතළිස් දෙදෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 267077 ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 375316 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව 2435 දෙනෙකුට ලබා දී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 14699 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා අද සිට විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර අද දිනයේත් එන්නත ලබා දීම සාර්ථකව සිදු කෙරෙනවා. රාජ්‍ය සේවකයන් සදහා එන්නත ලබා දීම පාදුක්ක ශ්‍රී මහා විහාරයේදී අද උදෑසන ආරම්භ කෙරුණා. ඊයේ දිනය තුළ රාජ්‍ය සේවකයන් දහසකට එම ස්ථානයේදී එන්නත ලබා දුන් බවයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මග්ගොන ග්‍රාම සේවා වසමේ ජනතාව වෙත එන්නත ලබා දීම ශාන්ත මරියා විද්‍යාලයේදී අද උදෑසන ආරම්භ වුණා. එන්නත ලබා ගැනිම සදහා ජනතාව දැඩි උනන්දුවකින් පැමිණ සිටින ආකාරය දැකගත හැකිවුණා. මේ අතර පානදුර පල්ලිමුල්ල හා ගොරකාපොළ යන ග්‍රාම සේවා වසම්වල ජනතාව සදහා ද එන්නත ලබා දීම සිදුකෙරුණා. 1500 කට වැඩි පිරිසකට අද දිනයේත් එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළා.

 

 

The post ලක්‍ෂ 13කට කොරෝනා මර්දන එන්නත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG