Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැයි මස 17 සිට 23 දක්වා එක්සත් ජාතීන්ගේ මාර්ග ආරක්ෂණ සතියක්  

Add comments

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මාර්ග අනතුරු අවමකර සියලුම පුරවැසියන්ට ආරක්ෂාකාරීව ගමන් කිරීමට සැලසීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින්, මැයි මස 17 සිට 23 දක්වා එක්සත් ජාතීන්ගේ මාර්ග ආරක්ෂණ සතිය ලෙස යොදාගෙන තිබේ.

ඊට සමගාමීව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා මාර්ග ආරක්ෂණ ස්වේච්ඡා බලකායක් ස්ථාපනය කිරීමට ඊයේ (17) පියවරගත් අතර එහි වෙබ් අඩවිය www.safetyroad.lk ලෙස එලි දැක්වීම ප්‍රවාහන රාජ්‍ය අමාත්ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී එළිදැක්විණි.

මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් “රිය අනතුරුකදී ක්‍රියාකලයුතු ආකාරය පිලිබදව සහ ඉතා කඩිනමින් අනතුරට පත් වාහනය මාරගයෙන් ඉවත්කරන ආකාරය පිලිබදව “ශ්‍රී ලංකා මාර්ග ආරක්ෂණ ස්වේච්ඡා බලකාය” විසින් ප්‍රයෝගිකව ඉදිරිපත් කිරීමක් ද සිදුකිරීම තලංගම පිහිටි ලංගම ඩිපෝවේ දී සිදුකරන ලදී.

මෙම උත්සව අවස්ථාව සදහා ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රථවාහන ඉන්දික හපුගොඩ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස්, ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන්, SLACMA ආයතනයේ සභාපති ඩිමන්ත ජයවර්ධන, සහ I SERT ආයතනයේ ප්‍රධානී සෑම් චන්ද්‍රසෝම, යන මහත්වරු සහභාගී වූහ.

The post මැයි මස 17 සිට 23 දක්වා එක්සත් ජාතීන්ගේ මාර්ග ආරක්ෂණ සතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG