ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි දාහත ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වනවිට වාර්තා වන ගෝලීය කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දා හත් කෝටි එක් ලක්ෂ දහ නව දහස් තුන්සිය හැත්තැ හතරක් ලෙසයි දැක්වෙන්නේ. වාර්තා වන ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව තිස් පන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.
තවමත් ලොව ඉහළම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ගතවුණ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තැ නව දහස ඉක්මවා ගියා.
ඊයේ දිනයේ දී එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 2845 ක් ලෙසයි සදහන් වන්නේ.
The post ලොව පුරා කොවිඩ් ආසාදිතයන් කෝටි 17 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment