Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ එක් දිනකට වෛද්‍යවරුන් 20ක් මියයන බවට නවතම වාර්තාවක් හෙළිකරයි  

Add comments

ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ලේදී එක් දිනකට වෛද්‍යවරුන් 20 දෙනෙකු පමණ කොවිඩ් වැළදී මිය යන බව නවතම වාර්තාවකින් හෙළිව තිබෙනවා.

මේ වන විට දෙවන කොවිඩ් රැල්ල හේතුවෙන් මිය ගිය ඉන්දීය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 300 ඉක්මවනවා. මෙලෙස මිය ගිය වෛද්‍යවරුන්ගෙන් 7 දෙනෙකු කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් පිරිස් බවයි වාර්තා වන්නේ.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් වෛද්‍යවරුන්ට සාපේක්ෂව එන්නතේ එක් මාත්‍රාවක් ලබා ගත් හෝ එන්නත ලබා නොගත් වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉතාමත් ඉහළ බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දී තිබෙනවා.

සැළකියයුතු සෞඛ්‍ය සේවකයින් පිරිසකට තවමත් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී නොමැති බවයි හෙළිව තිබෙන්නේ.

The post ඉන්දියාවේ එක් දිනකට වෛද්‍යවරුන් 20ක් මියයන බවට නවතම වාර්තාවක් හෙළිකරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG