Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2386ක් – වැඩිම පිරිස මහනුවර දිස්ත්‍රික්කයෙන්  

Add comments

ඊයේ (15) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,386ක් වාර්තා වුණා.

ඊයේ (15)දිනයේ දී අලුතින් හදුනාගත් ආසාදිතයින් 2,386 දෙනා අතුරින් 15දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි.

ඉතිරි 2,371 දෙනා මෙරටින් හදුනාගෙන තිබෙනවා.

ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 338 වනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් 321 දෙනෙකු ද, නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් 288, කොළඹින් 277 දෙනෙකු ද වාර්තා වනවා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 140471 දෙනෙකු වනවා. මේ අතුරින් 117,220 නෙකු සුවය ලැබුවා. 22,310 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

The post ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2386ක් – වැඩිම පිරිස මහනුවර දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG