Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් ප්‍රතිකාර සඳහා සිදු කෙරෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නාවික හමුදාපතිගේ නිරීක්‍ෂණයට  

Add comments

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, දිස්ත්‍රික්කයේ ස්ථාපනය කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ වතුපිටිවල, ගම්පහ, මිනුවන්ගොඩ යන රෝහල් තුළ නාවික හමුදාව මඟින් සිදු කෙරෙන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඊයේ ( 15) සහභාගී විය.

ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයෙහි නාවික හමුදා දායකත්වයෙන් කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කෙරෙන කර්මාන්ත ශාලා පරිශ්‍රයෙහි පළමු අධියර යටතේ ඇඳන් 1000ක පහසුකම් ස්ථාපිත කෙරෙන අතර, මෙහි ඇඳන් 2000ක ප්‍රමාණයක් දක්වා යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය නාවික හමුදාධිපති විසින් අද දින නිරීක්‍ෂණය කරන ලදි. මෙම ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා සිවිල් ඉංජිනේරු සහ විදුලි කාර්මික අංශයට අයත් නාවික පුද්ගලයන් 100ක පමණ ප්‍රමාණයක් අනුයුක්ත කර ඇති අතර, නාවික හමුදාධිපති විසින් මෙම ව්‍යාපෘතියට දායකවන නාවික පුද්ගලයින් ඇගයීමටද මෙහිදී කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාව විසින් කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලේ අලුතින් ඉදිකරනු ලබන වාට්ටු සංකීර්ණයේ ප්‍රගතිය නාවික හමුදාධිපතිගේ නිරීක්‍ෂණයට ලක්වූ අතර එම අවස්තාව සඳහා එම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයද සහභාගී විය.

එමෙන්ම, නාවික හමුදාව විසින් ගම්පහ මහ රෝහලේ වාට්ටු සංකීර්ණ 03ක් කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කරන ලද අතර, මෙම වාට්ටු සංකීර්ණය ඇඳන් 50කින් සමන්විත ප්‍රතිකාර ඒකකයක් ලෙස භාවිත කිරීමේ හැකියාව ඇත. එහිදී නාවික හමුදාධිපති විසින් ගම්පහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂක, වෛද්‍ය පීබීකේ ඉලේපෙරුම මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක, වෛද්‍ය ජීඩබ්පී ශිරෝමන් මහතා සමඟ වැඩ අවසන් කරන ලද වාට්ටු සංකීර්ණය නිරීක්‍ෂණය කෙරිණි.

තවද, නාවික හමුදාව විසින් කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කරනු ලබන මිනුවන්ගොඩ මූලික රෝහලේ වාට්ටු සංකීර්ණ 02 හි ප්‍රගතිය නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති, මෙම සියළු ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස මේ සඳහා දායකවන නාවික පුද්ගලයින් වෙත උපදෙස් ලබා දෙන ලදී.

The post කොවිඩ් ප්‍රතිකාර සඳහා සිදු කෙරෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නාවික හමුදාපතිගේ නිරීක්‍ෂණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG