Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports Championship ඇරඹෙයි  

Add comments

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය IMI Games සහ SLT මොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය  ආරම්භ වේ.

ශ්‍රී ලාංකේය සයිබර් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ඔප්නැංවීම සහ සයිබර් ක්‍රීඩා නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්ෂණික පසුබිම හා දායකත්වය ලබාදීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණයි.

තරගාවලිය ජයගන්නා 300 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියලුම තෑගි සහ Data ලබාදීමට SLT මොබිටෙල් ආයතනය ඉදිරිපත්වී සිටියි.

ජාතික මට්ටමෙන් පැවැත්වෙන මෙම Hyper Casual – eSports තරගාවලිය 15 සිට දින 02 ක් පුරා පැවැත්වෙන අතර ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා තරග 06 ක් ඔස්සේ මෙම තරගාවලියේ ඉදිරියට යාමට සිදුවනු ඇත.

අදාළ ක්‍රීඩා තරග අභියෝග 06 ඔස්සේ ඉදිරියට යන සියලුම ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට අවසානයේ ජාතික ලකුණු පුවරුවට පැමිණීමේ අවස්ථාව උදාවන අතර එහිදී වැඩිම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ජාතික ශූරතාවයට උරුමකම් කීමේ හැකියාව උදාවනු ඇත.

Hyper Casual ක්‍රීඩාව මෙරටට හඳුන්වාදුන් IMI Games මෙම තරගාවලියේ සියලු තාක්ෂණික සහ සංවිධාන කටයුතු ඉටු කරන අතර මෙමගින් ශ්‍රී ලාංකේය සයිබර් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ජාතික මට්ටමේ නවමු අත්දැකීමක් හිමිවනු ඇත.

වෙබ් අඩවි පාදක කරගත් පරිශීලක මිතුරු අවකාශයක් ඔස්සේ නවතම ඩිජිටල් ක්‍රීඩා අවකාශ හඳුන්වාදීම තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි මාසයේ දී සිදු වූ අතර අමාත්‍යතුමා මෙවැනි තරගාවලියක් සංවිධානය වීමේ වැදගත්කම එදිනම පෙන්වා දී තිබිණි.

The post ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports Championship ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG