Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරේ  

Add comments

දිවයින පුරා පැවැත්වෙන සංචරණ සීමා හේතුවෙන් පිටකොටුව තොග වෙළෙඳපොලෙහි භාණ්ඩ ලබා ගැනීමට පැමිණෙන තොග වෙළෙඳුන්ගේ අඩුවක් පවතින බවට ලද තොරතුරු මත පිටකොටුව තොග වෙළෙඳපොලෙහි ඊයේ (15) දින තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් පිටකොටුව තොග වෙළෙඳ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද සිදු කරන ලදී.

ආනයනිත භාණ්ඩ ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි තොග සැපයුම්කරුවන් සඳහා නිකුත් කිරීමත්, දේශීය නිෂ්පාදන කිසිදු බාධාවකින් තොරව පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුව වෙත ලැබීමත් හේතුවෙන් මේ වන විට කිසිදු හිඟයකින් තොරව භාණ්ඩ නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොග තමා සතුව පවතින බවට එම වෙළෙඳ සංගමය විසින් අමාත්‍යවරයා වෙත දන්වන ලද අතර ඒ අනුව දිවයින පුරා විසිරී සිටින, භාණ්ඩ තොග ගැනුම්කරුවන් සඳහා පිටකොටුව තොග වෙළෙඳපොල වෙත පැමිණීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු සැලසීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙහිදී ගන්නා ලද තීරණය අනුව අමාත්‍යවරයා විසින්, අද (16) දින පෙරවරුවේ සිට පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුව, තොග වෙළෙඳාම සඳහා පමණක් විවෘතව තැබීමට පිටකොටුව තොග වෙළෙඳ සංගමය වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර භාණ්ඩ නිකුත් කිරීමේ සිට පැටවීම දක්වා වූ සියළු කාර්යයන් සඳහා සම්බන්ධ වන පිරිස විසින් සියළුම සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද වලට අනුගත වෙමින් භාණ්ඩ තොග නිකුත් කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම නිරීක්ෂණ කටයුතු සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, පිටකොටුව තොග වෙළෙඳ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

The post පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG