Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගංගා සහ ඔය 05ක ජල මට්ටම තවමත් අවදානම්  

Add comments

ගිණිකොණ දිග ආරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා‍.

මෙම සුළි කුණාටුව “ටවුටේ” ලෙසයි නම් කර ඇත්තේ. ඒය චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරුට ගමන් කර ඉදිරියේදී ඉන්දියාවේ ගුජරාට් වෙරළ තීරයට ඇතුල්වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ධාරාණිපාත වර්ශාව හමුවේ ගංගා කිහිපයක තවදුරටත් ඉහළ ජල මට්ටම් පවතිනවා.

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

කැළණි ගග නාගලගම් වීදිය සහ හංවැල්ල ප්‍රදේශයේ සුලු ගංවතුර මට්ටමකයි පවතින්නේ.

කලු ගග මිල්ලකන්ද ප්‍රදේශයේ සුලු ගංවතුර මට්ටමක පවතින අතර පුටුපාවුල ප්‍රදේශයේ අවධානම් මට්ටමකයි පවතින්නේ.

ගිං ගග බද්දේගම ප්‍රදේශයේ සුලු ගංවතුර මට්ටමක පවතින අතර නිල්වලා ගග පානදුගම ප්‍රදේශයෙන් සුලු ගංවතුර මට්ටමක පවතිනවා.

මහ ඔය බඩල්ගම ප්‍රදේශයෙන් සුලු ගංවතුර මට්ටමක පවතින බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

The post ගංගා සහ ඔය 05ක ජල මට්ටම තවමත් අවදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG