Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කතරගම පූජා නගරයේ පැරණි වෙළඳසැල් වෙනුවට නව වෙළඳසැල් 353ක්  

Add comments

කතරගම නගර සංවර්ධන සැලසුම යටතේ කතරගම ඩිපෝව ඉදිරිපිට පිහිටි පැරණි වෙළඳසැල් වෙනුවට නව වෙළඳසැල් ලබාදීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

කතරගම නගරයේ තිබෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝව ඉදිරිපිට පිහිටි පැරණි කඩ කාමර වෙනුවට ඉදිකළ නව කඩ කාමර 233 ක් මේ වනවිට එම පැරණි කඩ කාමර හිමියන්ට ම පවරා අවසන් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මෙසේ ලබාදුන්නේ, “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශන යටතේ 2020 – 2030 කතරගම නගර සංවර්ධන ව්‍යාපෘතිය තුළින් ඉදිකිරීමට යෝජිතව තිබූ කඩ කාමර 353 න් සාදා නිමකළ කඩකාමර සමූහයකි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව ඉතිරි කඩ කාමර 120 ඉදිකර මෙම වසර ඇතුළත භාරදීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

ඉතා පුළුල් සහ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් වූ කතරගම නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කතරගම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජන ජීවිත සහ ඒ හා සබැඳි අනෙක් සියලුම අංශත් විශාල යහපත් පරිවර්තනයකට ලක් කරමින් ව්‍යාපෘති 19 ක් ක්‍රියාත්මක කෙරෙන අතර පැරණි කඩ කාමර වෙනුවට නව කඩ කාමර ඇතුළත් නව වෙළඳ සංකීර්ණය ඉදිකිරීම එහි එක් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙයි.
මෙම නව වෙළඳසැල් අඩු මුදලකට පැරණි කඩ කාමර හිමියන්ට ම ලබා දෙයි. ලබාදෙන කඩ කාමර වෙනුවෙන් මාසික කුලී මුදලක් අය කෙරෙන අතර එම මුදල රුපියල් 3,000 ත් 5,000 ත් අතර සීමාවක පවතියි.

මෙම මාසික කුලී මුදල කඩ කාමර පිහිටි ස්ථානය, වෙළඳාම් වර්ගය, මාසික අලෙවිය යන සාධක තුන මත පිහිටා අය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. වසර මුළුල්ලේ ම ක්‍රියාත්මක වන කතරගම වෙළඳපළ පූජාවට්ටි, විසිතුරු භාණ්ඩ, රසකැවිලි සහ සෙල්ලම් බඩු වැනි අංගවලින් සමන්විතව වෙයි. ඒ අතර ම වන්දනාකරුවන්ට නවාතැන් පහසුකම් සැපයීම හා අතරමැදි කටයුතුවල යෙදීමේ අවස්ථාවලින් ද වෙළඳපළ පිරී තිබේ. එමෙන්ම පූජා භාණ්ඩ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා කුලී රථ සේවා සැපයෙන ස්ථානවලින් මෙන් ම කෘෂිකාර්මික අස්වැන්නෙන් ද මෙම කතරගම වෙළඳපල පිරී පවතී.

මේ අනුව කතරගම නගර ආශ්‍රිත ප්‍රදේශය නිසිලෙස කළමනාකරණය නොවූ ඍජු සහ වක්‍ර ආදායම් උපයන මාර්ග රැසක් ක්‍රියාත්මක වන නගරයක් බවට හදුනාගෙන තිබේ. මෙම වෙළඳසැල් ලබාදීමට අමතරව කතරගම නගර සංවර්ධන සැලැස්ම නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටී.

කතරගම නගර සංවර්ධනය කිරීම තුළින් ප්‍රදේශයේ දැනට පවතින දියුණු කළහැකි ආර්ථික සංවර්ධනය ක්‍රමවත් සහ වැඩිදියුණු කිරීම, එමඟින් කතරගම පදිංචිකරුවන්ගේ, වෙළදුන්ගේ, නිෂ්පාදනයන්ගේ ජීවන රටාව උසස් කිරීම සහ බැතිමතුන් හට පහසු මෙන් ම පූර්ණ සේවාවන් සැපයීමට අවස්ථාව ලැබෙන බවට ද හදුනාගෙන තිබේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි

The post කතරගම පූජා නගරයේ පැරණි වෙළඳසැල් වෙනුවට නව වෙළඳසැල් 353ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG