Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

400කට එකවර කොවිඩ් හැදුණු කර්මාන්තශාලාවේ ආපන ශාලා සේවකයා මරුට – ඇමති වහාම පරීක්ෂණයක් කැඳවයි  

Add comments

සේවකයන් හාරසිය දෙනෙකුට (400) එකවර කොවිඩ් ආසාදනය වූ කෑගල්ල, තුල්හිරිය කර්මාන්තශාලාවේ ආපන ශාලාවේ සේවය කළ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී මරණයට පත් වී තිබෙනවා.

කර්මාන්ත ශාලාව වසා දැමීමට සෞඛ්‍ය සේවා අංශ මේ වනවිට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඵක් අංශයක සේවකයන් 2000 ක් දින දෙකකට පෙර පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති අතර දැනට ඉන් 400ක් කොරෝනා වෛරසය ආසාදිතයන් වී ඇති බවට කෑගල්ල දිස්ත‍්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවා.

ඉදිරි පරීක්ෂණවල පී.සී.ආර්. වාර්තා පැමිණෙන විට මෙම තත්ත්වය තවත් ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය සේවා අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති සිල්වා මහතාට අද (20) නියෝග කළා.

කර්මාන්තශාලාවල සෞඛ්‍යය ආරක්ෂක කමිටු පිහිටුවා කොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ,හාම්පුතුන්ට සහ වෘත්තී සමිති නායකයන්ට දිගින් දිගටම උපදෙස් දී තිබිය දී,මේ සා විශාල සේවක පිරිසක් එකම කර්මාන්තශාලාවක දී කොවිඩ් වෛරසයට ගොදුරුවීම බරපතළ කනගාටුදායක තත්ත්වයක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙම කර්මාන්ත ශාලාවේ නියමිත පරිදි සෞඛ්‍ය කමිටු පිහිටුවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නිසි පරිදි පිළිබඳ කටයුතු කළේ ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් හා විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.

එසේම දැනට ක්‍රියාත්මක පෞද්ගලික අංශයේ කර්මාන්තශාලාවල සහ සේවා ස්ථානවල මෙම සෞඛ්‍ය කමිටු සක්‍රීය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ආයතන ප්‍රධානීන්ගෙන් හා වෘත්තීය සමිති නායකයන් ගෙන් ඉල්ලීමක් කරයි.

මේ වනවිට රජයේ ගර්භනී සේවිකාවන්ට ලබා දුන් සහනයන් පෙරදැරිව පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා සහ සේවා ස්ථානවල සේවය නියුතු ගැබිනි කාන්තාවන්ට ද එම සේවා සහනයන් සහ නිවාඩු සහනයන් ලබා දීමට පෞද්ගලික අංශය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නා.

The post 400කට එකවර කොවිඩ් හැදුණු කර්මාන්තශාලාවේ ආපන ශාලා සේවකයා මරුට – ඇමති වහාම පරීක්ෂණයක් කැඳවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG