Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය අඟහරු වෙත යැවූ යානයේ පළමු ඡායාරූපය මාධ්‍යයට මුදා හරී  

Add comments

චීනය අගහරු වෙත යැවූ යානය ලබා ගත් පළමු ඡායාරූපය මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

යානයේ ඇති බාධක මගහරවා ගැනීමේ කැමරාවෙන් ලබා ගත් කලු සුදු ඡායාරූපයක් ද රෝවරයා පිටුපස ඇති සංචලන කැමරාවෙන් ලබා ගත් වර්ණ ඡායාරූප ද මෙලෙස මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ පළමු අගහරු රෝවරය රැගත් යානය පසුගිය සෙනසුරාදා සාර්ථකව අගහරු ග්‍රහයා මතට ගොඩබැස්ස වූවා.

පෘථිවිය හැර වෙනත් ග්‍රහ ලෝකයකට චීනය රෝවරයක් යොමු කළ පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. ෂූරොන් නමින් හදුන්වන කිලෝ ග්‍රෑම් 240 ක බරකින් යුත් රෝද හයකින් සමන්විත රොබෝ යානය සූර්ය පැනල මගින් බල ගන්වා තිබෙනවා. පෘථිවියේ සිට අගහරු ග්‍රහයා වෙත පවතින දුර කිලෝමීටර් මිලියන 320 ක් වන අතර අගහරු ග්‍රහයා මත පළමු වරට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වනු ලැබුවේ ඇමරිකාව විසින්. ඒ අනුව අගහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ දෙවන රට බවට චීනය පත් වනවා.

 

The post චීනය අඟහරු වෙත යැවූ යානයේ පළමු ඡායාරූපය මාධ්‍යයට මුදා හරී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG