Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සබරගමුව පළාතේ සියළු වෙළඳසැල් රාත්‍රි 7.00ට වසා දමයි  

Add comments

සබරගමු පළාතේ ඖෂධ අලෙවිසැල් හැර සියළුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත අද (11) දන්වනු ලැබීය.

ඒ මහතා මේ බව දැනුම් දුන්නේ අද (11)  සබරගමුව පළාතේ සෞඛ්‍ය අංශ, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සමඟ පැවති රත්නපුර දිස්ත්‍රික් COVID 19 මර්ධන කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

මැයි 14, 15 සහ 16 අත්‍යවශ්‍ය වෙළඳසැල් පමණක් විවෘත කිරීමට අවසර ලබා දී ඇති බවයි සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රකාශ කළේ.

මෙම කමිටුවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන් සහ සෞඛ්‍ය අංශ, රාජ්‍ය ආයතන හා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානීහු එක්විය.

The post සබරගමුව පළාතේ සියළු වෙළඳසැල් රාත්‍රි 7.00ට වසා දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG