Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශිකයන්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරයට අවසර  

Add comments

දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරකයින් හට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචරණ කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවය.

ඒ අනුව මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙරටට පැමිණ සිටින සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය ඔස්සේ පළාත් අතර සංචරණය කළ හැකි බව අධ්‍යක්ෂක ජෙනරාල්වරිය කියයි. කෙසේ වෙතත් සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ සංචාරකයන් රැගෙන යාමේ දි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීමට කටයුතු කරන්න යැයි සංචාරකයින් ගෙන්විමට කටයුතු කර ඇති ආයතන හා පුද්ගලයින්ට දැඩි ලෙස උපදෙස් දී ඇති බවත් එලෙස කටයුතු නොකරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය පෙන්වා දෙයි.

 

The post විදේශිකයන්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරයට අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG