Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට සූදානම් නැති බව ඊශ්‍රායල අගමැති කියයි  

Add comments

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට කිසිදු සූදානමක් නොමැති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ක්‍රියාවලියන් මගින් රටට එරෙහි සතුරන් තම රටේ බලය පිළිබද දැනුවත් වනු ඇති බවයි. ප්‍රහාර එල්ල කළ ද තම රට වැසියන්ට සාමකාමීව කටයුතු කරන ලෙස ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඊශ්‍රායලය සහ පලස්තීනය ආරම්භ කළ මෙම ගැටුම්වලින් පුද්ගලයින් 52000 ක් පමණ අවතැන්ව ඇති බව සදහන්. මේ හේතුවෙන් ගාසා තීරයේ ගොඩනැගිලි 450 ක් පමණ විනාශ වී තිබෙනවා. ඒ අතර රෝහල් 6 ක්, ඖෂධ ශාලා 9 ක් ද වන බවයි එක්සත් ජාතීන්ගේ මානුෂිය ආධාර ඒජන්සිය ප්‍රකාශ කළේ. ඊශ්‍රායලය ගාසා තීරයට රොකට් ප්‍රහාර 3450 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා.

 

 

 

The post ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට සූදානම් නැති බව ඊශ්‍රායල අගමැති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG