Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඔස්ට්‍රෙිලියානු රජයෙන් අත්‍යාවශ්‍ය ශ්වසන උපකරණ පරිත්‍යාගයක්  

Add comments

ඔස්ට්‍රෙිලියානු රජයේ මූල්‍ය දායකත්වයෙන් යුනිසෙෆ් (UNICEF) සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 952 ක් වටිනා අත්‍යාවශ්‍ය ශ්වසන උපකරණ තොගයක් කොළඹ පිහිටි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී සංකේතාත්මකව සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (19) භාර දෙන ලදී.

ඔක්සිජන් සිලින්ඩර්, ඔක්සිජන් රෙගුයුලේටර් , ඔක්සිජන් මුව ආවරණ ,ගිණි නිවන උපකරණ මෙම තොගයට ඇතුළත්ය.

මෙම උපකරණ බස්නාහිර පළාත ප්‍රමුඛව කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබාදීමට නියමිතය.

යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගේම් මහත්මිය විසින් මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යතුමියට භාර දුන් අතර ඔස්ට්‍රෙිලියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඔස්ට්‍රෙිලියානු රජයෙන් අත්‍යාවශ්‍ය ශ්වසන උපකරණ පරිත්‍යාගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG