Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අක්ෂි රෝහලට පැමිණෙන රෝගීන්ට විශේෂ දැනුම්දීමක්  

Add comments

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල පිහිටා ඇත්තේ COVID – 19 වෛරසය ව්‍යාප්තිය අධි අවධානම් කලාපයක් තුල බැවින් පුද්ගල දුරස්ථතාවය ආරක්ෂා කර ගනිමින්, රෝහලේ බාහිර රෝගී පරිශ්‍රයතුළ රඳවා තබා ගත හැකි වන්නේ හදිසි අත්‍යවශ්‍යම සේවාවන් සඳහා පැමිණෙන ඉතා සීමිත රෝගීන් සංඛ්‍යාවක් පමණක් බව දැනුම් දෙනවා.

කොවිඩ් 19 නව වෛරසය ආසාධනය වී රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් මෙම ජනතාව අතර සිටින නිසා කාර්යමණ්ඩලය සහ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් හට මෙම වෛරස ආසාධනය වීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතින බැවින් පැමිණෙන රෝගීන් සෞඛ්‍ය නීති උපදෙස්වලට උපරිමව අනුගතවී ක්‍රියා කළ යුතුයි.

එම නිසා ඔබගේ අක්ෂි රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ආසන්නතම රජයේ රෝහලක අක්ෂි සායනය වෙත යොමු වීම වඩාත් සුදුසු වේ.

සායන රෝගීන් හට ප්‍රතිකාර, සේවාවන් හා උපදෙස් ලබා දීම සඳහා ජාතික අක්ෂි රෝහල මගින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. එම දුරකථන අංක, අදාල සායන දිනයන්හීදී පමණක් අමතා, ඔබ‌ගේ අත්‍යවශ්‍යම සේවාව සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය වේ.

 

 

The post අක්ෂි රෝහලට පැමිණෙන රෝගීන්ට විශේෂ දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG