Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාවික රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් නාවික රණවිරු ස්මාරකය අභියසදී  

Add comments

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු යුද්ධයේ දී ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නාවික රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වුණා.

නාවික හමුදාපති වයිස් අද්මිරායල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී යුද්ධයේදී දිවි පිදූ නාවික රණවිරුවන් 1,160 දෙනෙකු සිහිපත් කෙරුණා. එම යුද්ධයේ දී නාවික රණවිරුවන් 517 දෙනෙකු ආබාධිත තත්ත්වයට පත්වුණා.

නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් නාවික හමුදාපතිවරයා රණවිරු ස්මාරකයට මල්කළඹක් තබා උත්තමාචාරය පුදකලා. වැලිසර රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ සිටින ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට ද නාවික හමුදාපතිවරයා කටයුතු කළා. එම අවස්ථාවට නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මිය ද එක්ව සිටියා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම සැමරුම් උත්සවය සංවිධාන කර තිබුණා.

මේ අතර සුරකිමු ලංකා මෙල්බර්න් එකමුතුව ඕස්ට්‍රේලියාවේ මෙල්බර් නුවරදීද රණවිරු සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබුණා. මෙල්බර්න් ටීම් නෙවිල් රණවිරු උද්‍යානයේදීයි එය පැවැත්වුණේ. මෙල්බර්න් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කපිල ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post නාවික රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් නාවික රණවිරු ස්මාරකය අභියසදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG