Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

CID භාරයේ සිටින ‘පොඩි ලැසී’ ආරක්ෂාව ඉල්ලයි – ආරක්ෂාව ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්  

Add comments

අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දෙන බව නීතිපතිවරයා අද (20) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ තමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොඩි ලැසී විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු විමර්ශන සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී ඇති වූ විවිධ සිදුවීම් මත ඔවුන් මියගොස් තිබූ බව පොලීසිය විසින් සඳහන් කර තිබු බව පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින තම සේවාදායකයාට ද මෙවැනි ඉරණමක් අත්වනු ඇතැයි බියක් සිය සේවාදායකයා තුළ මතු වී තිබෙන බැවින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් අද අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුලු ප්‍රභූන් ඝාතනය කරන බවටද පොඩි ලැසී විසින් ප්‍රකාශ කර ඇති බවයි.

අදාල පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන 16 වනදා සිදුකිරීමට නියමිතයි.

The post CID භාරයේ සිටින ‘පොඩි ලැසී’ ආරක්ෂාව ඉල්ලයි – ආරක්ෂාව ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG