Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව  

Add comments

කොරෝනාවෙන් ආරක්ෂාවීම සඳහා එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා අදත් සාර්ථකව සිදුකෙරෙනවා.

ඉන්දියාවේ ඇස්ට්‍රා සෙනෙකා , චීනයේ සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් යන එන්නත් ලබාදීම මේ වනවිට සිදුවනවා. මොරටුව සොයිසාපුර ප්‍රජා ශාලාවේදී ද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. හයසිය දෙනෙකු සඳහා එන්නත් ලබාදීම අරමුණයි. තවත් ප්‍රදේශ කිහිපයකම අද දිනයේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා.

එමෙන්ම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලබාදීමේ කටයුතු කොටිකාවත්ත ප්‍රදේශයේදී අද සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව පුද්ගලයින් 1200 දෙනෙකුට පමණ කොටිකාවත්ත කුඩා බුද්ගමුව ශ්‍රී ප්‍රියදර්ශිනාරාම විහාරස්ථානයේ දී අද එන්නත් ලබාදීම සිදු කෙරුණා.

මේ අතර හුදකලා බවින් නිදහස් කළ පානදුර පොලිස් බල ප්‍ර දේශයේ නාරාම්පිටිය ග්‍රාම සේවා වසම තුළද සයිනොෆාම් එන්නත ලබාදීම අද සිදු කෙරුණා. ඒ අනුව එම ප්‍රදේශයේ ජීවත් වන වයස අවුරුදු 50 ත් 60 ත් අතර පුද්ගලයින්ටයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශිත සයිනොෆාම් එන්නත අද ලබාදීම සිදු කරන්නේ.

කෙසේ වෙතත් ඉදිරි මාස දෙක තුළදී රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන ඒමට ක්‍රියා කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

The post එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG