Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ජනමාධ්‍යවේදීන්ටත් ලබාදෙයි  

Add comments

කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් එහි ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම අද (14) ආරම්භ කෙරිණි.

ඒ අනුව මාධ්‍යවේදීන් සඳහා වන මෙම එන්නත්කණය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී ලබාදීම සිදු කෙරේ.

ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීමක් මත සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මැදිහත්වීමෙන් මෙය සිදු කෙරේ.

විශේෂයෙන් කොරෝනා වසංගතය මෙරටට පැමිණි මොහොතේ සිට එහි තොරතුරු ජනතාවට ලබාදීම උදෙසා විශාල කාර්යභාරයක නියැලෙන ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් මාධ්‍යවේදින් ඉටු කරන ජාතික කාර්ය භාරය අඛණ්ඩව ඉටුකිරීම සඳහා මෙම එන්නත ලබාදීම වැදගත් වනු ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වන විටත් ඇතැම් මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් ඇතුළු කාර්යමණ්ඩල රැසක් ව්‍යසනයට ගොදුරුව ඇති අතර ඉදිරියේදී තවදුරටත් එය ව්‍යාප්ත වුවත්හොත් ජනතාවට නිසි ලෙස තොරතුරු දීම අපහසු වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය සංවිධාන ඇතුළු කණ්ඩායම් පසුගිය දිනවල මේ සඳහා ඉල්ලීම් කෙරිණි.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය අංශ ප්‍රධානීන් හා ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍යය අමාත්‍යවරිය පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම එන්නතකරණය කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගැණිනි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් හිමි මාධ්‍යවේදීන් 6,000 කට අධික ප්‍රමාණයක් මෙරට සිටින අතර ප්‍රමුඛතාවය අනුව අදාළ මාධ්‍යවේදීන් යොමු කරන ලෙස ඒ ඒ මාධ්‍ය ආයතන වෙත ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් දැනුම් දෙනු ලැබීය.

මෙහිදී ජනමාධ්‍යවේදීන් සඳහා චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත ලබාදීමට කටයුතු කර තිබුණි.

ජනමාධ්‍යවේදීන් සඳහා එන්නත්කරණය සිදුකරන අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී.විජේවීර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ජනමාධ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කේ.පී. ජයන්ත යන මහත්වරුන්ද එක්ව සිටි අතර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජයරත්න,එහි අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ,නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ්‍යා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණයෙන් එය සිදු කෙරේ.

මෙහිදී ජනමාධ්‍යවේදීන් සඳහා Sinopharm එන්නත ලබාදීමට කටයුතු කර තිබුණි. සියලු මාධ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් මාධ්‍යවේදින් එන්නත් කරණය සඳහා සහභාගී වී සිටි අතර ජනාධිපතිතුමාට ,ජනමාධ්‍ය අමාත්‍යවරයාට,සෞඛ්‍ය අමාත්‍යවරියට තම ස්තූතිය ප්‍රකාශ කරන බවත් ජනමාධ්‍යවේදීන් සඳහා එන්නත් සූදානම් කර තිබෙන බවත් ඉන් 1500ක් පමණ ප්‍රථමව එන්නත් කිරීම ආරම්භ කළ බවත් ජනමාධ්‍ය අමාත්‍යාන්ශයේ ලේකම්වරයා සඳහන් කළ සිටියේ ය.

සමාජයේ විවිධ මට්ටම්වල ගැටෙමින් වෘත්තීය කටයුතු සිදු කරන ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් එන්නත්කරණය ආරම්භ කිරීම සම්බන්ධව රජයට ,ජනමාධ්‍ය අමාත්‍යාංශයට හා ප්‍රවෘත්ති දෙපාර්තමේහ්තුවට ජනමාධ්‍යවේදීන් සිය ප්‍රසාදය පළ කළේ ය. කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිටත් ජනමාධ්‍යවේදීන් රැසක් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ප්‍රතිකාර හා නිරෝධායනය වෙමින් සිටියි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

The post කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ජනමාධ්‍යවේදීන්ටත් ලබාදෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG