Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30ක් නාවික හමුදා භාරයට  

Add comments

නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව (13)වන දින හලාවත, සමිදුගම ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම්ව සිටි බවට සැක කෙරෙන පුද්ගලයින් 14 දෙනෙකු, ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් නිවසක හිමිකරුවකුද සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

පසුව අද (14) දින නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හලාවත පොලීසියේද සහය ඇතිව සිදු කළ වැඩිදුර සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානමින් සිටි බවට සැකකෙරෙන මෙම ජාවරමට සම්බන්ධ තවත් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ගත් පුද්ගලයින් 30 දෙනා යාපනය, මඩකළපුව, මුලතිව් සහ පුත්තලම ප්‍රදේශයන්හි පදිංචි පිරිමි පුද්ගලයින් බවට හදුනා ගන්නා ලද අතර, එම පුද්ගලයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

The post නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30ක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG